චීනයට පැමිණිමට අපේක්ෂා කරන පුද්ගලයින් විසින් කොවිඩ් නයින්ටීන් ආසාදනය වී නොමැති බවට තහවුරු කරන සහතිකයක් ඉදිරිපත් කිරිම අනිවාර්ය කිරිමට එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.
ඒ අනුව කොවිඩ් නයින්ටීන් පරික්ෂණයකට මුහුණදී තමාට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කෙරෙන සහතිකයක් ගුවන් ගතවිමට දින 05කට පෙර බලධාරින් වෙත ඉදිරිපත් කළ යුතු බව චීන සිවිල් ගුවන් සේවා අධිකාරිය දන්වා ඇත.
එක් එක් රටවල පිහිටි චීන තානාපති කාර්යාල හරහා මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනිමේ හැකියාව පවතින බව ද චීන සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර තිබේ.
කොවිඩ් පරික්ෂණය, චීන තානාපති කාර්යාල විසින් අනුමත කරන ලද ආයතන මගින් පමණක් සිදු කර ගත යුතු බව ද ඔවුන් දන්වා ඇත.

