ඇමරිකාවේ ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවයි

ඇමරිකා එක්සත් ජනපදයේ සමස්ත ණය ප්‍රමාණය ඉතිහාසයේ පළමු වරට ඩොලර් ට්‍රිලියන 36 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය ජූලි මස අවසානය විට එරට ණය ප්‍රමාණය ඩොලර් ටි්‍රලියන 35 සීමාවට පැමිණි අතර, එය ඩොලර් ට්‍රිලියන 36 පසුකළේ මාස 03 කදී වීම විශේෂත්වයක්.

ඉන් ට්‍රිලියන 28ක ප්‍රමාණයක් ජනතාව දරන ණය ලෙස සැළකෙන අතර, එක්සත් ජනපද රජය වියදම් කරන සෑම ඩොලර් 5කින් එක් ඩොලරයක් ආයෝජකයින්ගෙන් ලබාගත් මුදල් නැවත පියවීම සඳහා ගෙවිය යුතු බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

වගකීම් සහිත ෆෙඩරල් අයවැයක් සඳහා වූ පක්ෂග්‍රාහී නොවන කමිටුව (CRFB) ඇස්තමේන්තු කළේ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති බලාත්මක කළහොත් 2026 සහ 2035 අතර කාලය තුළ ජාතික ණයට ඩොලර් ට්‍රිලියන 7.5ක් එකතු කළ හැකි බවයි.