මේ දිනවල “සිහින සමාගම” සහ “දාංගලේ” යන බොහෝ ජනප්‍රිය නාට්‍ය කිහිපයකම රගපාන ගොඩක් ආදරේ දිනාගත් සහ විශේෂයෙන් ගෑනු ළමයින්ගේ ආදරේ වැඩිපුරම ලැබෙන කඩවසම් තරුණයා කෝකිල පවන් ගැනයි අද කතා බහ.
මුළින්ම මොහු ජනප්‍රිය වෙන්නේ “සිරි රජ සිරි” චිත්‍රපටය තුළින්. සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කල, රේණුකා බාලසූරිය නිෂ්පාදනය කල “සිරි රජ සිරි” චිත්‍රපටයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ සිරිමල් නොහොත් කිරිඉබ්බන්දෙනියේ මහරජතුමාගේ චරිතයට පන පොවන ලද කෝකිල අද වෙද්දී ලොකු ගමනක් ඇවිත් තියනවා. මොහු විටක හඬ කැවීම් ශිල්පියකු ලෙසත්, විටෙක නලුවකු ලෙසත් තවත් විටෙක ගායකයකු ලෙසත් ප්‍රේක්ෂක ඔබේ හදවතට සමීප වී තිබෙනවා.
මේ දිනවල හිමන්තරා කතා මාලාවේ බිග්බොස් එහෙමත් නැත්නම් කැප්ටන් යූ ෂී ජින් ගේ හඬේ සැබෑ හිමි කරුවා ද මොහුයි.
ගෑණු ළමයි බොහොමයක් මේ හඬට ඇබ්බැහි වී තිබෙන බව නොවුනුමානයි. කෝකිල පුංචි කාලේ පටන් ආච්චි , සීයාගේ උනුසුමේ හැදී වැඩුනු කෙනෙක්. තව ඔහුට මල්ලි කෙනෙක් ඉන්නවා. ඒ වගේම ඔහුගේ ආදරණීය සීයා මේ වන විට අප අතරින් සමු අරන් නමුත් තවමත් ආච්චිගේ තුරුලේ සිටින්නේ කිව්වොත් මන් නිවැරදි.
ඔහුගේ මතකයන් අවදි කරොත් පිලියන්දල ප්‍රදේශයේ ජීවත්වන ඔහු පිලියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන් අකුරු කරන අතර ශ්‍රී සෝභිත දහම් පාසලෙන් ලද පන්නරයෙන් පද්‍ය ගායනා, කථික තරඟ හා දහම් දැනුම වැනි තරඟ වලට ඉදිරිපත් වීමට ඔහුට හැකියාව ලැබෙනවා.
ඉන්පසු බංදුල කුරුවිට මහත්මයාගේ අධ්‍යක්ෂණය යටතේ සම්මාන 09ක් සමග ප්‍රථම ස්ථානය ලබාගත් පුංචි පුංචි පැටියෝ වේදිකා නාට්‍යය හරහා එම ක්ෂේත්රයට පළමු අඩිතාලම තැබීමට ඔහුට හැකියාව ලැබී තිබෙන්නේ. 2008 වර්ෂයේ මහින්ද ලොකුඅත්දෙණිය මහත්මා අධ්‍යාක්ෂණය කල මැජික් බන්ටි වේදිකා නාට්‍යය සඳහා රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ විවෘත අංශයේ හොඳම ළමා නලුවාට හිමි සම්මානය දිනා ගැනීමට සමත්වන අතරම ඉන් පසු නාට්‍ය ගණනාවකම සම්මානයට පාත්‍ර වන අතර ජූරියේ විශේෂ ඇගයිම් ලබා ගැනීමටද සමත් වනවා.
ඉන් අනතුරුව මනෝරත්න මහත්මයාගේ තලමල පිපිලා වේදිකා නාට්‍යට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙන අතර ඔහු ප්‍රසිද්ධ වේදිකාවට සම්බන්ධ වෙන්නේ මේ හරහායි. කෝකිලානි ප්‍රසංගිකා නම් නාට්‍ය ගුරුතුමිය හරහා කුඩාකලම ස්වර්ණවාහිනී හපන් පැදුර සංගීතමය වැඩ සටහනට සහභාගී වීමට අවස්ථාව ලද ඔහු ඒ හරහා ජැක්සන් ඇන්තනී මහත්මයා අධ්‍යක්ෂණය කල අබා චිත්‍රපටයට සම්බන්ධ වන අතරම ඒ අතරතුර සිරි රජ සිරි චිත්‍රපටයේ විශාල පිරිසක් සමග තරඟ වැදී සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූ ඔහුට එහි රංගනයට දායක වීමට භාග්‍ය ලැබෙනවා. එහි රූගත කිරීම් නිසා අබා චිත්‍රපටයේ රූගත කිරීම්වලට තිත තැබීමට සිදුවන බවත් ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය මෙය බවට පත් වන්නේ චීනයේ පැවති දස වන අන්තර්ජාතික ළමා චිත්‍රපට උළෙලේදී හොඳම ළමා නලුවාට හිමි සම්මානය දිනා ගැනීමට ඔහු සමත් වීමෙන්. ජෝ අබේවික්‍රම මහතාගෙන් පසු ලංකාවේ ජාත්‍යන්තර සම්මානයක් දිනාගත් පළමුවැනි රංගන ශිල්පියා ඔහු වීම ද විශේෂත්වයක්.
ඉන් අනතුරුව නාට්‍ය සහ චිත්‍රපට ගණනාවකටම රංගනයෙන් දායකත්වය ලබාදුන් ඔහු රයිගම් සම්මාන උළෙල, රූපවාහිණී රාජ්‍ය සම්මාන උළෙල, සරසවි සම්මාන උළෙල වැනි ඉහල පෙළේ සම්මාන උළෙල වලදී සම්මාන වලට පාත්‍ර වන්නේ ඔහුගේ අති විශිෂ්ට රංගනය නිසාමයි.
හඬකැවීම් ක්ෂේත්රයට ඔහු අවතීරණ වන්නේ ළමා හඬකැවීම් ශිල්පියකු ලෙස වීම විශේෂත්වයක්. තුසිත එස් කරවිට මහතාගේ අධ්‍යක්ෂණයෙන් බ්ලැක්ස්ටේලීයන් ඉංග්‍රීසි චිත්‍රපටයට හඬ ලබා දීමට ඇරයුමක් ලැබීමත් සමග ඔහුගේ හඬකැවීම් දිවිය ආරම්භ වනවා. ඒ හරහා ලංකාවේ දැවැන්ත හඬකැවීම් අධ්‍යාක්ෂක වරුන් වන අනුර ජයන්ත, කාංචන අමරතුංග, රෝචන විමලදේව, බනුර මලිත් හෙට්ටිආරච්චි ඇතුලු පිරිස සමග සම්බන්ධ වෙමින් ඉදිරියට යනවා. ඉගෙනීමේ වැඩ කටයුතු සඳහා මේ ක්ෂේත්රයන්ට විරාමයක් ලබා දෙන අතරම නැවතත් එයට අවතීරණ වන්නේ තුසිත එස් කරවිට මහතාගේ අධීක්ෂණයෙන් සිරස මාධ්‍ය ඔස්සේ විකාශනය වූ චිත්‍රපටයකට අවුරුදු 50 ක පමණ චරිතයකට හඬ ලබාදීම ඔස්සේ වීම විශේෂයක්. පසුගිය වසරේ රූපවාහිණී ජාතික සම්මාන උළෙලේදී හොඳම හඬකැවීම් වැඩසටහනට හිමි සම්මානය හිමි වන්නේද ඔහු ප්‍රධාන චරිතයට දායකත්වය ලබාදුන් සිරස මාධ්‍ය ජාලයේම චිත්‍රපටයක් වීමද විශේෂයක්.
ඉතිං ඔය වගේ නිර්මාණ බොහොමයකට දායකත්වය ලබාදුන් කෝකිල පවන් අදවන විට ඔහු ඉතාමත් තෘප්තියකට පත් වන බවත් අප සමග කියන්න අමතක කරේ නැහැ. අනාගතයේ අළුත් නිර්මාණ රැසකින් සහ අලුත් චරිත බොහොමයකින් ප්‍රේක්ෂකයන් තුළට එන්න ලැබේවා කියමින් අප සියලු දෙනා ඔබට සුභ පතනවා
ධනුජය රත්නායක



