නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ සුඛෝපභෝගී මිනි කූපර් මෝටර් රථයක් සහ වෑන් රථය රේගු භාරයට

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ සුඛෝපභෝගී මිනි කූපර් වර්ගයේ මෝටර් රථයක් සහ සුඛෝපභෝගී වෑන් රථයක් බහාලුමක් තුළ තිබී රේගු භාරයට ගෙන තිබෙනවා. මෝටර් රථ අමතර කොටස් ගෙන්වන මුවාවෙන් අදාළ වාහන මෙරටට ගෙන්වා ඇති බවයි.

රේගු දෙපාර්තමේන්තුවේ නිවාරණ අංශයේ අධ්‍යක්ෂ ප්‍රියන්ත සේනානායක සඳහන් කළේ.

කොරෝනා වෛරසයේ බලපෑමත් සමඟ මෝටර් රථ අමතර කොටස් මෙරටට ගෙන්වීම තාවකාලිකව තහනම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙරටට ගෙන්වා ඇත්තේ එම තහනම පැනවීමට පෙර බව සඳහන්.