කොරෝනා වෛරසය නැවත නැවත වැළඳීමේ අවදානමක් පවතින බව විද්‍යාඥයන් සිදුකරන ලද පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.
අදාළ පර්යේෂණයට අනුව කොරෝනා වෛරසය සඳහා ප්‍රතිශක්තිය ලබා දෙන රුධිර ප්‍රතිදේහ මාස කීපයක දී අඩුවී යන බවද අනාවරණය වී තිබෙනවා.
සාමාන්‍ය උණ හා සෙම්ප්‍රතික්ෂා තත්ත්වවලදී සිදුවන්නේද එයම බවයි ඔවුන් සඳහන් කර සිටියේ.
ඒ අනුව, ප්‍රතිදේහ අඩු වූ විට කොරෝනා වෛරසය යළි ආසාදනය විය හැකි බව ද ඔවුන් කළ ප්‍රකාශයේ තවදුරටත් සඳහන්.

