පාර්ලිමේන්තු මහමැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්රිකා තැපැල් මගින් ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමෙන් පසුව තවත් ඡන්ද දැන්වීම් පත්රිකා 550,000ක් තැපැල් කාර්යාවල ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය ඔක්තෝබර් 27 වනදා සිට මේ මස 07 වනදා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්රිකා ඡන්ද දායකයින්ගේ නිවෙස්වලට තැපැල් මගින් බෙදාහැරීමට කටයුතු කළා.
කෙසේ වෙතත් අද වන විට නිල ඡන්ද දැන්වීම් පත්රිකා 550,000 ක් තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

