පාර්ලිමේන්තු මැතිවරණ කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් වෙනුවෙන් ක්‍රියාත්මක වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහි අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඒ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විශේෂ ඒකකයක් පිහිටුවීමට ද නියමිත බවය.
ලබන 12 වනදා එනම් හෙට සිට එම ඒකකයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බව ඒ මහතා පවසයි.
ඒ අනුව මැතිවරණයට පෙර දින දෙකක් හා මැතිවරණයට පසු දින දෙකක් වන පරිදි දින 05ක කාලයක් සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලය සමග එක්ව මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් පැවසුවේය.

