ස්කොට්ලන්තයේ දකුණු ප්‍රදේශයේ ප්රදීපාගාරයකින් වසර 132ක් පැරණි පණිවුඩයක් සහිත බෝතලයක් ඉංජිනේරුවන් පිරිසක් විසින් සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රයින්ස් ඔෆ් ගැලෝවේ හි උතුරු දෙසින් පිහිටි Corsewall ප්‍රදීපාගාරය තුළින් මෙම බෝතලය සොයා ගෙන තිබෙනවා .
බෝතලය තුළ තිබී, 1892 සැප්තැම්බර් 4 දින ලියන ලද ලිපියක් ද හමුව ඇති බවයි පැවසෙන්නේ.
තීන්ත භාවිතයෙන් ලියා ඇති එම ලිපියෙන් කුළුණේ නව ආලෝක පහන් වර්ගයක් සවි කළ ඉංජිනේරුවන් තිදෙනෙකුගේ නම් ලියා ඇති බවට හෙළිවෙයි.
එහි ප්‍රදීපාගාරයේ භාරකරුවන් තිදෙනාගේ නම් ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
අඟල් 8 (සෙ.මී. 20) බෝතලය උතුරු ප්‍රදීපාගාර මණ්ඩලයේ යාන්ත්‍රික ඉංජිනේරුවෙකු වන රොස් රසල් විසින් කරන ලද පරීක්ෂාවකදීයි සොයාගෙන ඇත.
එම ලිපියේ සඳහන්ව ඇත්තේ,
“මෙය මැයි සිට සැප්තැම්බර් දක්වා මාසවලදී Edinburgh, Milton House Works හි James Milne & Son Engineers හි James Wells Engineer, John Westwood Millwright, James Brodie Engineer, David Scott Labourer විසින් ඉදිකරන ලද අතර 15 වන බ්‍රහස්පතින්දා රාත්‍රියේ නැවත ආලෝකමත් කරන ලදී. 1892 සැප්තැම්බර්…” යන්නයි.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, 1892 දී මෙම සටහන ලියා ඇති මිනිසුන් ප්‍රදීපාගාරයේ සිට ඇත්තේ කුළුණ මුදුනේ වෙනස් ආකාරයේ පහන් සවි කිරීමට සහ ඔප දැමීම සඳහා වන බවයි.


