වසරේ ගත වූ කලය තුළ අධිකරණ මගින් රියදුරු බලපත්ර තුන්දහසකට අධික ප්රමාණයක් තාවකාලිකව අවලංගු කර ඇති බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එහි අධ්යක්ෂ ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසුවේ, මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ රියදුරු බලපත්ර 3,249ක් තාවකාලිකව අවලංගු කර ඇති බවය.
රියදුරන් විසින් සිදු කරනු ලැබු විවිධ වැරදි සඳහා පැවති නඩු විභාගවලදී අධිකරණ විසින් අදාළ රියදුරු බලපත්ර මෙලෙස තාවකාලිකව අවලංගු කර ඇති බව හෙතෙම පැවසීය.

