2024 අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාලසටහන් අදාල පාසල්වල විදුහල්පතිවරුන් වෙත යවා ඇති අතර, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාලසටහන් ඔවුන්ගේ පුද්ගලික ලිපිනයට තැපැල් මඟින් යොමුකර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
තවද, තැපැල් මඟින් ප්‍රවේශ පත්‍ර නොලැබුණු පෞද්ගලික අයදුම්කරුවන්ට නොවැම්බර් 18 වැනිදා සිට https://www.doenets.lk/ යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් එම ප්‍රවේශ පත්‍ර බාගතකර ගැනීමට හැකියාව පවතිනවා.
එමෙන්ම, ප්‍රවේශ පත්‍රවල විෂය, මාධ්‍ය, සහ නාම සංශෝධන අවශ්‍ය නම්, සියලුම අයදුම්කරුවන්ට https://onlineexams.gov.lk/eic/index.php/clogin/ වෙබ් අඩවිය ඔස්සේ නොවැම්බර් 18 මධ්‍යම රාත්‍රි 12.00 දක්වා අදාළ සංශෝධන සිදුකර ගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති උසස් පෙළ විභාගය සදහා සකස් කළ කාලසටහන පමණක් පරිශීලනය කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

