කොරෝනා වෛරසය පැතිරයාම වැළක්වීම සඳහා දකුණු අප්‍රිකාව විසින් නව ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබේ. ඉන් එක පියවරක් ලෙස මත්පැන් වෙළෙඳාම ද තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
රාත්‍රී කාලයේ ඇඳිරිනීතිය පනවා ඇති අතර එළිමහනේ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.
දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රාමපෝසා පැවසුවේ මත්පැන් තහනම නිසා පවතින තත්ත්වය හමුවේ ජාතික සෞඛ්‍ය පද්ධතියට ඇති පීඩනය අවම වනු ඇති බවය.
මේවන විට දකුණු අප්‍රිකාවේ කොරෝනා වෛරස ආසාදිතයින් 276,000ක් වාර්තා වන අතර එම වෛරස ආසාදනයෙන් මියගොස් ඇති ගණන 4079කි.

