දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇගවීම්

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇගවීම් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කුරුණෑගල සහ මාතර දිස්ත්‍රික්කවල 1 මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා .

එසේම පනවා තිබූ 2 මට්ටමේ නාය යෑම් පූර්ව අනතුරු ඇඟවීම කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට තවදුරටත් දීර්ඝ කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.