ලාෆ්ස් ගෑස් මිලත් වෙනස් නොවෙයි

නොවැම්බර් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදුනොකරන බව එම සමාගම දැනුම් දී තිබෙනවා.

මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටත් එම සමාගම අලෙවි කරනු ලබයි.

ඒ අනුව එම මිල ප්‍රමාණයම මේ මාසය තුළ දී ත් ක්‍රියාත්මක වනවා .