වායු දූෂණය හේතුවෙන් ලාහෝර් හි පාසල් වැසේ

පාකිස්තානයේ පෙර නොවූ විරූ වායු දූෂණ තත්ත්වයක් හේතුවෙන් එහි පාසල් සතියකට වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

පවතින දුමාරය දරුවන්ට ඉතා අහිතකර බැවින් ඔවුන් අනිවාර්යයෙන් මුඛ ආවරණයක් පැළඳිය යුතු බවටයි එරට සෞඛ්‍ය අංශ නිර්දේශ කරන්නේ .

එසේම කාර්යාල සේවකයින්ගෙන්  50%ක පිරිසක් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයක් ද හඳුන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

එන්ජිමෙන් ක්‍රියාත්මක වන රික්ෂෝ රථ සහ පෙරහන් නොමැතිව බාබකියු කරන ව්‍යාපාර ද තහනම් කර තිබෙනවා .

පාකිස්තානයේ දෙවන විශාලතම නගරය වන ලාහෝර් ඉරිදා දෙවන වරටත් දූෂිත වාතය සහිත නගර ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් වුණා.

සෞඛ්‍යයට වඩාත්ම හානිකර වන වාතයේ ඇති සියුම් අංශු ද්‍රව්‍ය මට්ටම ද අනතුරුදායක මට්ටම් දක්වා ඉහළ ගොස් ඇති බවයි IQAir හි දත්ත සඳහන් කරන්නේ .