අස්වැසුම සමාජ සුබ සාධක ප්රතිලාභ වැඩසටහනින් අසාධාරණයට ලක්වූ පිරිස් පිළිබඳ සොයා බැලීමට දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා .
ඒ, විෂයභාර අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් මතයි.
=දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් කළ කරුණු විමසීමේදී පැවති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් ඊට පිළිතුරක් ලෙස මෙම කමිටුව පත් කර තිබෙනවා .
සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, සමෘද්ධිලාභීන් ලෙස ප්රතිලාභ ලබමින් සිටි අස්වැසුම ප්රතිලාභ අහිමි වූ පුද්ගලයින් පිළිබඳව ඉන් සොයා බැලෙන බවයි.

