පළාත් දෙකක දෙමල පාසල් වලට නිවාඩුවක්

මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම රජයේ දෙමළ පාසල්වලට නොවැම්බර් මස 1 වන සිකුරාදා නිවාඩු ලබාදී තිබේ.

ඔක්තෝම්බර් මස 31 වන දිනට යෙදෙන දීපවාලි උත්සවය නිමිත්තෙන් අදාළ පළාත්වල දෙමළ පාසල්වලට නිවාඩු ලබා දී ඇත.

එම නිවාඩුව ආවරණය කිරීම සඳහා අදාළ පාසල් නොවැම්බර් මස 9 වන සෙනසුරාදා දින පැවැත්වීමට තීරණය කළ බව ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් දැනුම්දී තිබෙනවා.