හිස්බුල්ලා සංවිධානයට නව නායකයෙක්

හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස Naim Qassem පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

ඒ සංවිධානයේ හිටපු නායකයා වන Hassan Nasrallah, පසුගිය මාසයේ බේරූට් හි ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියග යාමත් සමඟයි .

ඔහු ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා නායකයන් කිහිප දෙනාගෙන් එක් අයෙක් වනවා .

වසර 30කට වැඩි කාලයක් Naim Qassem හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස කටයුතු කර තිබෙනවා .

හිස්බුල්ලා පැවසුවේ කණ්ඩායමේ එහි නීතිරීතිවලට අනුකූලව ඔහු ෂූරා කවුන්සිලය විසින් තේරී පත් වූ බවයි.

මේ වන විට Naim Qassem සිටින ස්ථානය සම්බන්ධයෙන් කිසිවක් ඔවුන් ප්‍රකාශ කර නැති නමුත් බොහෝ දෙනා සඳහන් කරන්නේ ඔහු ඉරානයේ සැඟවී සිටින බවයි .