ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 60ක් ජීවිතක්ෂයට

ගාසා තීරයේ උතුරු දෙසින් පිහිටි බෙයිට් ලාහියා නගරයට එල්ල කරන ලද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 60 දෙනෙකු මියගොස් තිබෙනවා .

මහල් පහකින් යුත් නේවාසික ගොඩනැගිල්ලකට මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

තවත් පුද්ගලයින් 17 දෙනෙකු සුන්බුන් යට ඇතැයි සැක කරන බවයි ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ .

ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව විසින් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ.

උතුරු ගාසා තීරයේ, විශේෂයෙන්ම Jabalia, Beit Lahia සහ Beit Hanoun යන ප්‍රදේශවලට ඊශ්‍රායල හමුදා විසින් පසුගිය සති දෙක තුළ ප්‍රහාර එල්ල කරනු ලැබුවා.