ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ 63.4% ඡන්දය ප්‍රකාශ කරයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 63.4%ක් බව දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ඩබ්ලිව්.ඒ.ධර්මසිරි ප්‍රකාශ කළා.

අද පෙරවරු 07 ට ආරම්භ වූ අදාළ ඡන්ද විමසීම අවසන් වුණේ පස්වරු 04ටයි.

ඡන්දය ගණන් කිරීමේ කටයුතු ඇතැම් මධ්‍යස්ථාන වල මේවන විටත් ආරම්භ වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබූ මුලු ඡන්දදායකයින් සංඛ්‍යාව 55,643 ක්.

ප්‍රකාශිත මුලු ඡන්ද සංඛ්‍යාව 35,255 ක් වෙනවා.