Ronaldo බලන්න කිලෝමීටර 13,000ක් දුර පාපැදියෙන් ගෙවා ආ තරුණයා

Cristiano Ronaldo කියන්නේ මේ ලෝකේ වැඩිම රසික පිරිසක් ඉන්න කෙනෙක් කිව්වොත් වැරදි නැහැ .

ඉතින් මේ කියන්න යන්නේ එයාගේ තවත් එක් අපූරු රසිකයෙක් ගැන

එයා තම වීරයා හමුවීමට චීනයේ සිට සෞදි අරාබියට මාස හතක් තිස්සේ කිලෝමීටර 13,000ක දුරක් පාපැදියකින් ඇවිත් තියෙනවා.

24 හැවිරිදි Gong නම් මෙම තරුණයා එයාගේ මේ ගමන ආරම්භ කරලා තියෙන්නේ මාර්තු 18 වන දින.

එයාගේ ගමන අවසන් කරමින් එයාට ඔක්තෝබර් 20 වන දින අල් නස්ර් පාපන්දු සමාජය ඉදිරිපිටදී රොනාල්ඩෝව හමු වෙන්න පුළුවන් වෙලා .

ඔහු චීනයේ Beijing සිට කසකස්තානය , ජෝර්ජියාව, ඉරානය සහ කටාර් ඇතුළු තවත් රටවල් හයක් තරණය කරමින් තමයි සෞදි අරාබියේ අගනුවර වන රියාද් වෙත ලගා වෙලා තියෙන්නේ.

පෙබරවාරි මාසයේදී රොනාල්ඩෝ ආබාධයකට ලක්වීමෙන් පසු ඔහුගේ චීන සංචාරය අවලංගු කිරීමෙන් පසුවයි ඔහු මේ විදිහට රොනල්ඩෝ සොයා ගෙන යනවා කියලා හිතලා තියෙන්නේ.

60,000mAh Power Bank දෙකක්, කූඩාරමක්, ඉවුම් පිහුම් උපකරණ, ඇඳුම් පැළඳුම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙනයි ඔහු මේ ගමන පිටත් වෙලා තියෙන්නේ.

මේ ගමනේ දී ඔහුට විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වූ බවයි ඔහු පවසන්නේ . කෙසේවෙතත් තමන්ගේ වීරයා දැක බලා ගැනීමේ ආසාව නිසාම ඔහු ඒ සියල්ල විඳ ගනිමින් මේ ගමන ඇවිත් තියෙනවා .