ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ඉල්ලක්කගත ගුවන් ප්‍රහාර අවසන් කරයි

ඉරානයේ හමුදා ඉලක්ක වෙත සිය නිශ්චිත සහ ඉලක්කගත ගුවන් ප්‍රහාර එල්ල කර අවසන් බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

ඊශ්‍රායලය හමුදාව විසින් ඊයේ ඉරානයේ ටෙහෙරාන්, කුසෙස්තාන් සහ ඉලාම් යන ස්ථාන එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය සහ ඉරානය සිය ගුවන් සීමාව වසා දමා තිබෙනවා.

එමෙන්ම ඉන් අනතුරුව ඉරාකය ද සිය ගුවන් සීමාව වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ ඉරානය විසින් මාස ගණනාවක සිට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඔවුන් ඉරානයේ හමුදා ඉලක්ක වෙත මෙසේ ප්‍රහාර එල්ල කළ බවයි.