ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය සති 06 කට ලොක් ඩවුන් කරයි

නව කොරෝනා ආසාදිතයින් සුලබව හඳුනා ගැනීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය සති 06 ක කාලයක් සඳහා යළි වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ COVID-19 රෝගීන් 8,566 ක් වාර්තා වී ඇති අතර, නිව් සවුත් වේල්සයේ 3,244 ක්, වික්ටෝරියා හි 2,824 ක්, ක්වීන්ස්ලන්තයේ 1,068 ක්, දකුණු ඕස්ට්‍රේලියාවේ 443 ක්, බටහිර ඕස්ට්‍රේලියාවේ 621 ක්, ටස්මේනියාවේ 228 ක්, ඕස්ට්‍රේලියානු අගනුවර 108 ක් සහ 30 ක් ලෙස වාර්තා වී තිබෙනවා.