ගෝලීය උණුසුම ඉහළ යෑමත් එක්ක හිම වලසුන්ට තවත් අවදානමක්

ආක්ටික් ප්‍රදේශය උණුසුම් වීමත් සමඟ හිම වලසුන් වෛරස්, බැක්ටීරියා සහ පරපෝෂිතයන්ගෙන් ඇතිවන රෝග වැළඳීමේ වැඩි අවදානමකට මුහුණ දී සිටින බව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා .

එම පර්යේෂණයේ දී විද්‍යාඥයන් වසර කිහිපයකට අයත් ඇලස්කාව සහ රුසියාව අතර – Chukchi මුහුදේ හිම වලසුන්ගේ රුධිර සාම්පල සැසඳීමක් කර තිබෙනවා .

ඔවුන් 1987 සහ 1994 අතර එකතු කරන ලද සාම්පල විශ්ලේෂණය කර, ඉන් දශක තුනකට පසුව එනම් 2008 සහ 2017 අතර සාම්පල ද එකතු කර අධ්‍යයනය කරනු ලැබුවා.

එහි දී මෑත කාලීන රුධිර සාම්පලවලින් වැඩි ප්‍රමාණයක හිම වලසුන් හට වෛරස්, බැක්ටීරියා හෝ පරපෝෂිතයන් ආසාදනය වී ඇති බවට සැක පළ කරන රසායනික සංඥා අඩංගු බව පර්යේෂකයන් සොයා ගනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ වනජීවී ජීව විද්‍යාඥ ආචාර්ය Karyn Rode පැවසුවේ සමස්ත ආක්ටික් පරිසර පද්ධතිය පුරාම යමක් වෙනස් වෙමින් පවතින බවයි.

සාමාන්‍යයෙන් හිම වලසුන් පරපෝෂිතයන්ට ඉහළ ප්‍රතිරෝධිතාවයක් දක්වන නමුත් අයිස් දියවීම සහ අනෙකුත් හේතූන් නිසා එම තත්ත්වය වෙනස් වෙමින් පවතින බවයි එම විද්‍යාඥයන් පිස සඳහන් කරන්නේ

(BBC ඇසුරෙන්)