සල්මන්ගෙන් කෝටි 05ක කප්පමක් ඉල්ලූ පුද්ගලයා අත්අඩංගුවට

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 05ක කප්පමක් ලබා දෙන ලෙස පවසමින් පුද්ගලයෙක් තර්ජනයක් සිදු කර තිබුනා .

ඒ දේශපාලනඥ බාබා සිද්දික්ගේ මරණයෙන් දින කිහිපයකට පසුවයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට එම තර්ජනය සිදු කළ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට මුම්බායි පොලිසිය සමත්ව ඇති බවයි .

ෂෙයික් හුසේන් ලෙස හඳුනාගෙන ඇති මෙම පුද්ගලයා ජාර්කන්ඩ් ප්‍රාන්තයේ ජම්ෂෙඩ්පූර් ප්‍රදේශයේ සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා .

ඔහු එළවලු වෙළෙන්දෙක් බවයි පොලිසිය සඳහන් කරන්නේ .

ඔක්තෝබර් 18 වන දින, මුම්බායි රථවාහන පොලිසියේ WhatsApp උපකාරක අංකයට සල්මන් ඛාන්ගෙන් රුපියල් කෝටි 5ක් ඉල්ලා තර්ජනය කරමින් ඔහු විසින් පණිවිඩයක් යවා තිබෙනවා .

ඔහු එම පණිවිඩයේ දක්වා ඇත්තේ එම මුදල ලබා දුන්නහොත් මැර කල්ලියක් වන ලෝරන්ස් බිෂ්නෝයි සමඟ සල්මන් ඛාන්ගේ වූ ගැටුම අවසන් කරන බව පවසමිනුයි.