ශ්‍රී ලංකාවේ බටහිර හා නැගෙනහිර වෙරළ තීරවලින් ඉවත් වන්නැයි, ඊශ්‍රායලයෙන් දැනුම් දීමක්

පවත්නා තර්ජන හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ සංචාරක නිකේතනවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සිය පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව කිසියම් ප්‍රහාරයක තර්ජන හේතු කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආරුගම් බොක්ක ප්‍රදේශයෙන් සහ දිවයිනේ දකුණේ සහ බටහිරින් පිහිටි අනෙකුත් වෙරළ තීරයන්ගෙන් වහාම ඉවත් වන ලෙස‍යි ඊශ්‍රායල ජාතික ආරක්ෂක මණ්ඩලය සිය ජාතිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.

“මෙම ප්‍රදේශවලින් පිටව යන අයට රට හැර යාමට උපදෙස් දෙන අතර, නැතහොත් අවම වශයෙන් ප්‍රාදේශීය ආරක්ෂක හමුදාවන් ඉහළ මට්ටමක සිටින කොළඹ අගනුවරට යන්න” යනුවෙන් ඔවුන් එම නිවේදනයේ දක්වා තිබෙනවා.