පොලිසිය අකාර්යක්ෂම නම් මේ අංකයෙන් දැනුම් දෙන්න

පොලිසිය තුළ කිසියම් අකාර්යක්ෂමතාවක් හෝ වංචාවක් සිදුවුවහොත් ඒ පිළිබදව දැනුම් දීම සදහා ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් හදුන්වා දී තිබෙනවා.

ඒ අනුව 1997 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දිය හැකි බවයි වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කියා සිටියේ.

රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දීමට ද මෙම ක්ෂණික ඇමතුම් අංකය මීට පෙර හදුන්වා දෙනු ලැබුවා.