පාස්කු ප්‍රහාරය සිදු වනවායි රාජ්‍ය බුද්ධි අංශයෙන් එවකට සිටි අපරාධ බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්නට දැනුම් දී ඇති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කල විමර්ශන වාර්තාවේ සඳහන් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව පැවසුවේ අද (21) පාස්කු ප්‍රහාරයේ වාර්තාව සම්බන්ධයෙන් හෙළිදරව්ව කරන විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදීය.
එහිදී ඔහු කියා සිටියේ තමා කතා කරන පාස්කු වාර්තාව වන්නේ ජනාධිපතිවරණයට පෙර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත් කල කමිටුවෙන් ලබා දුන් වාර්තාව සම්බන්ධයෙන් බවයි.
විශ්‍රාමික විනිසුරු එස්. අයි. ඉමාම් විසින් ම විමර්ශන වාර්තාව සකස් කර තිබෙනවා.
ඒ , චැනල් 4 නාලිකාවේ විසින් සිදු කල විඩියෝ පටයට අදාළ එල්ල කරන කර ලද චෝදනා 25 ක ඇත්ත නැත්ත විමර්ශනය කිරීමයි.
මේ වාර්තාවේ ශිර්ෂය කියන්නේ විමර්ශනය වන්නේ පාස්කු ප්‍රහාරය වැලැක්වීම සම්බන්ධයෙන් පොලිසියෙන් හෝ බුද්ධි අංශයෙන් යම් අතපසුවීමක් සිදු වුනේද යන්න සොයා බැලීමයි.
එම වාර්තාවේ 40 පිටුවේ සඳහන් වන්නේ රාජ්‍ය බුද්ධි සේවා අධ්යක්ෂ විසින් 2019 අප්‍රේල් 09 වනදා සහරාන් ඇතුළු තව්හිඩ්ජාමාඩ් ප්‍රසිද්ධි කතෝලික පල්ලි ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කරන බව විදේශ බුද්ධි අංශයෙන් දැනුම් දුන් බව අපරාධ බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවත් එම නිලධාරියා මේ වන විට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්නය.
ඔහුට මේ සම්බන්ධයෙන් දැඩි චෝදනාවක් තිබෙන බවත් ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් වැලකිම වෙනුවෙන් අධිකරණයේ මේ සම්බන්ධයෙන් මුළික අයිතිවාසිකම් සම්බන්ධයෙන් නඩුවක් ගොනු කර තිබෙනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව සඳහන් ලිපිය අප්‍රේල් 09 වනදා රවි සෙනෙවිරත්න විදේශ ගතව සිටි අතර ඔහු එම ලිපිය දකින්නේ අප්‍රේල් 16 වනදා බව ඔහු සදහන් කර තිබෙනවා.
සහරාන් මෙම ප්‍රහාරය සැලසුම් කරන සියළු තොරතුරු මෙම ලිපියෙහි ඇතුළත් කර ඇති අතර රවි සෙනෙවිරත්න විදේශ ගතව යළි පැමිණි 16 වනදා පැමිණ මෙම ලිපිය විවෘත කර ඇති අතර එම ලිපිය 19 වනදා අපරාධ අංශය වෙත යොමු කර තිබෙන්නේ මැයි 01 වනදාට මෙහි ප්‍රගතිය සොයා බලා දැනුම් දෙන ලෙස නමුත් එදින නිවාඩු දිනයක් බැවින් අදාළ ලිපිය නියමිත වේලාවට එම අංශය වෙත නොයවා ඇති බව මෙම වාර්තාවේ සඳහන්ව තිබෙනවා.
මෙම ලිපිය යොමු වන්නේ අප්‍රේල් 22 වනදා දින අපරාධ අංශය වෙත යොමු වන නමුත් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු වුවත් ක්‍රියාත්මක නොවීම පිළිබඳ අවධානය යොමු විය යුතු වන බව උදය ගම්මන්පිල මෙහිදී කියා සිටියා.

