වෙරළබඩ නගරයක් වන සිසේරියා හි පිහිටි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පෞද්ගලික නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා .
නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන්නේ ප්‍රහරය එල්ල වෙන මොහොතේ අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ එම ස්ථානයේ නොසිටි අතර, සිද්ධියෙන් කිසිදු තුවාලයක් සිදුවී නොමැති බවයි.
මෙම ප්‍රහාරය ලෙබනනය විසින් දියත් කරන ලද්දක් බවයි ඊශ්‍රායල ආරක්ෂක අංශ වාර්තා කරන්නේ.
එරට වේලාවෙන් පෙරවරුවේ මිනිසුන් රහිත ගුවන් යානා තුනක් ලෙබනනයේ සිට රට තුළට ඇතුළු වී ඇති අතර ඉන් යාන දෙකක් විනාශ කිරීමට ඊශ්‍රායල හමුදා සමත් වී තිබෙනවා .
සෙනසුරාදා මේ දක්වා ලෙබනනයේ සිට ඊශ්‍රායලයට රොකට් 55 ක් පමණ දියත් කර ඇති බව සඳහන්.

