හමාස් සංවිධානයේ නායක Yahya Sinwar ව ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායලය පවසනවා.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ “වසරක කාලයක් පුරා ලුහුබැඳීමෙන්” පසුව දකුණු ගාසා තීරයේ මෙහෙයුමකදී සින්වාර් සිය හමුදා විසින් ඝාතනය කළ බවයි.
හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සිටින බවට සැක කෙරෙන ස්ථාන පිළිබඳව ලබා දුන් බුද්ධි තොරතුරු අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර ඊශ්‍රායල අගමැති Netanyahu සඳහන් කර ඇත්තේ සිය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්නේ නම් ඒ අයට ජීවත් වීමට අවස්තාව දෙන බවත් , ඔවුන්ට හානියක් කරන්නේ නම් නිසැකයෙන්ම ඒ පුද්ගලයන් ඝාතනය කරන බවත් ය .

