Telegram chatbots ගැන භයානක අනාවරණයක්

පරිශීලකයින්ගේ පැහැදිලි නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමට Telegram හි AI chatbots ලා ට හැකියාව ඇති බව අනාවරණය වී තිබෙනවා .

Wired විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව එක click එකකින් පමණක් මුල් ඡායාරූපය වෙනස් කිරීමට, රූපයෙන් ඇඳුම් ඉවත් කිරීමට හෝ ලිංගික ක්‍රියාකාරකම් වල නිරත වන ආකාරයට අදාළ ඡායරූපය සැකසීමට මෙම chatbots හරහා හැකි වී තිබෙනවා.

මෙම chatbots සෑම මසකම මිලියන හතරක පමණ පරිශීලකයින් විසින් deepfakes නිර්මාණය කිරීමට භාවිතා කර ඇති බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා .

මේ හරහා ඇති සමාජ අවධානම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ද මතුව පවතිනවා .