පාපැදියෙන් ආ සිසුවියගෙන් අගමැතිනියට සංදේශයක්

14 හැවිරිදි ෆාතිමා නඩා  සිසුවිය ඊයේ (14) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සංදේශයක් භාරදි තිබෙනවා. 

ඇය කාත්තන්කුඩියේ සිට කොළඹට පාපැදියෙන් පැමිණයි මෙම සංදේශය භාර දී තිබෙන්නේ.

ළමුන් සහ තරුණ පරපුර පීඩාවට පත්කර ඇති මත්ද්‍රව්‍ය අර්බුදයට එරෙහිව සහ ළමා අපයෝජන වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඇය මෙම සංදේශය භාරදී තිබේ.