කොළඹ, ගම්පහ සහ කැලණිය අධ්‍යාපන කලාප වල සියලු පාසල් අද (15) දිනයේත් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ, අධික වැසි සමග ඇතිවූ ආපදා තත්ත්වයන් සැලකිල්ලට ගනිමිනුයි.
ඊට අමතරව, දකුණු පළාතේ පාසල් කිහිපයක් ද අද (15) වසා තැබෙන බව පළාත් ප්‍රධාන ලේකම් සුමිත් චන්දන මහතා ඊයේ සඳහන් කළා.
ඒ අනුව, බලපිටිය ශ්‍රීපති විද්‍යාලය, බලපිටිය මාදුව කණිෂ්ඨ විද්‍යාලය,හික්කඩුව මලවැන්න විද්‍යාලය,අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලය,සහ ගාල්ල කලාපයේ ගණේගොඩ රෝමානු කතෝලික විද්‍යාලය යන පාසල් අද දින වසා තැබෙනු ඇත.

