කැලණි මිටියාවතේ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව සහ වත්තල යන ප්රදේශවලට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එසේම දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්රාදේශීය ලේකම් කොට්ඨාශවල ඇති අත්තනගලු ඔය සහ උරුවල් ඔය ආශ්රිත පහත් බිම්වලට ද ඉදිරි පැය 48 තුළ ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.
අද දිනයේ දිවයිනට බලපාන වාර්ෂාපතනය හේතුවෙන් මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අදාළ ප්රදේශවල ජනතාවට ඉතා ප්රවේශමෙන් කටයුතු කරන ලෙසයි.

