Rihanna පසු කරමින් Taylor swift පෙරමුණට

පසුගිය ඔක්තෝම්බර් 07 වැනිදා වනවිට Taylor swift ඉපැයූ ධනයේ ශුද්ධ වටිනාක ඩොලර් බිලියන 1.6 දක්වා ඉහළ ගොස් ඇති බවයි, විදෙස් වාර්තා පවසන්නේ.. 

මිට පෙර එම ස්ථානයේ සිටි රිහානා පවා, අභිබවා යන්නට ටේලර්ට මේ නිසා හැකියාව ලැබී තිබුණා..

රිහානාගේ ඩොලර් බිලියන 1.4ක් වූ ශුද්ධ වටිනාකමට ඇගේ රූපලාවන්‍ය නිෂ්පාදන පෙළ සේම යට ඇඳුම් සන්නාමද ඇතුළත් වෙනවා..

“Eras Tour” සංදර්ශන මාලාව “ටේලර් ස්විෆ්ට්” මෙසේ එකවර ධනවත් වීමට හේතුවක් වී ඇති බවයි බොහෝ දෙනා පවසන්නේ.. ඉන් ඇය ඩොලර් බිලියන 02කට වඩා වැඩි ආදායමක් ඉපැයූ බවද වාර්තා වුණා..

කොහොම වුණත් ප්‍රධාන වශයෙන් පටිගත කිරීම් සහ සජීවී සංදර්ශන හරහා ඉලක්කම් 10ක අගයකින් යුත් ධනයක් රැස් කරගත් එකම සංගීත ශිල්පිනිය ඇය වීමද විශේෂත්වයක්…

ඇයගේ “Eras Tour” ඒරස් ටුඅර් සංදර්ශන මාලාව, 2023 ඔක්තෝම්බර් මාසයේ නිකුත් වූ දින සිට ඩොලර් මිලියන 261කට වඩා වැඩි ආදායමක් උපයා තිබෙනවා… ටේලර් ස්විෆ්ට්ගේ මෙම නව ජයග්‍රහණයත් සමග ඇය මේ වනවිට ලොව ධනවත්ම සංගීතවේදීන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැන පසුවෙනවා..