මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක්

මෙවර මහ මැතිවරණය සඳහා මේ වන විට 33 දෙනෙක් නාමයෝජනා භාර දී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ඊයේ (08) දිනය අවසන් වන විට දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධින කණ්ඩායම් 16ක් එලෙස නාම යෝජනා භාරදී තිබූ බවය.

කෙසේවෙතත් මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල මැතිවරණ කොට්ඨාස සඳහා ඊයේ දිනය අවසන් වනතෙක් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් නාමයෝජනා භාර දී නොතිබු බවයි වාර්තා වෙන්නේ.

මහ මැතිවරණය සඳහා නාම යෝජනාභාර ගැනීම ඔක්තෝම්බර් මස 4 වනදා ආරම්භ වූ අතර ලබන 11 වනදා මධ්‍යාහ්න 12.00 දක්වා සිදුකිරීමට නියමිතය.