පකිස්ථානයේ කරච්චි ගුවන් තොටුපළ ආසන්නයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
ප්‍රහාරය හේතුවෙන් චීන ජාතිකයින් දෙදෙනෙකු මියගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා .
තවමත් නිල වශයෙන් හඳුනාගෙන නොමැති තුන්වන සිරුරක් ප්‍රහාරකයාගේ යැයි සැලකෙන බවයි BBC වාර්තා කරන්නේ.
පාකිස්තානයේ චීන තානාපති කාර්යාලය පැවසුවේ මෙම පිපිරීම සින්ද් පළාතේ විදුලිබල ව්‍යාපෘතියක සේවය කරන චීන ඉංජිනේරුවන්ගේ රථ පෙළක් ඉලක්ක කර ගත් “ත්‍රස්තවාදී ප්‍රහාරයක්” බවයි.
පකිස්ථානයේ සංවර්ධන ව්‍යාපෘතිවලට සම්බන්ධ චීන ජාතිකයින්ට මෑත වසරවල ප්‍රහාර එල්ල කළ බෙදුම්වාදී බලුකිස්තාන් විමුක්ති හමුදාව (BLA) විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි සඳහන් වෙන්නේ.

