උසස් පෙළ විභාගය පැවැත්විය යුතු දවස සිසුන්ට තීරණය කළ හැකි – සිසුන්ගේ මතය ඉදිරිපත් කිරීමට වෙනම වෙබ් පිටුවක්

උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 7 වැනිදා පැවැත්වීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය මත විමසීමක් ආරම්භ කර තිබෙනවා.

මතය ඉදිරිපත් කළ හැකි අවසන් දිනය ජූලි මස 10 වැනිදායි. අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk ට පිවිස ඒ සම්බන්ධ මතය ඉදිරිපත් කළ හැකි වනවා.

උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 7 වැනිදා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කිරීමෙන් පසු එම දිනය වෙනස් කළ හැකිද යන්න ගැන සොයා බලන ලෙස අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම අමාත්‍යාංශ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද ඇතුළු නිලධාරීන්ට උපදෙස් දී තිබුණා.

ඉන් පසු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ පාසල් ආරම්භ කිරීමෙන් සතියක් ඇතුළත විභාග දිනය වෙනස් වන්නේ ද නැද්ද යන්න දැනුම් දෙන බවයි.

උසස් පෙළ විභාගය පවත්වන දිනය කඩිනමින් ප්‍රකාශ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය සතියේ දී අධ්‍යාපන ඇමැතිවරයාටද උපදෙස් දී තිබෙනවා.