එලොව පොල් පෙනෙන මෙලොව පොල් මිල

වෙළදපොළේ මේ වනවිට පොල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක් රුපියල් 180ක පමණ මිලකට අලෙවි වන බවයි පාරිභෝගිකයන් පවසන්නේ.

පසුගිය කාලසීමාවේ දී පොල් ගෙඩියක් රුපියල් 90 ත් 100 ත් අතර මිලකට අලෙවි වුණා.

ඉදිරියේ දී පොල් ගෙඩියක මිල රුපියල් 200ක් දක්වා ඉහළ යා හැකි බවට ද වෙළඳුන් සඳහන් කරනවා.