ගාසාහි පිහිටි මුස්ලිම් පල්ලියකටත් ඊශ්‍රායලය පහර දෙයි

ගාසාහි යුධ ගැටුම් වලට මැදි වූ ප්‍රදේශයේ පිහිටි ඇති ඩීර් අල්-බාලාහි ඉබ්න් රුෂ්ඩ් පාසලට සහ අල්-අක්සා මාටියර්ස් පල්ලියට ඊශ්‍රායල හමුදා විසින් ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා .

හමාස් සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මෙම ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 26 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි .

එසේම තවත් බොහෝ පිරිසක් ප්‍රහාරයෙන් තුවාල ලබා තිබෙනවා .

ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතර මෙම ගැටුම් වලට එළඹෙන ඔක්තෝම්බර් 7 වනදාට වසරක් සම්පූර්ණ වනවා .