කෝපි කියන්නේ අපිට නුපුරුදු දෙයක් නෙමෙයි නේ .. ඉතින් ගෙදර හැමදාම බොන කෝපි වලින් ලස්සන වෙන්නත් පුළුවන් කියලා ඔයාලා දැන ගෙන හිටියද .
ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් සහ anti-inflammatory ගුණාංග වලින් පිරී ඇති කෝපි අපේ සම සහ කොණ්ඩය සඳහා විවිධ ආකාරයෙන් යොදා ගන්න පුළුවන් .
අද අපි බලමු කොහොමද ඔයාගේ ලස්සන තවත් වැඩි කර ගන්න කෝපි යොදා ගන්නේ කියලා .
සමේ මැරුණු සෛල ඉවත් කරන scrub එකක් විදිහට
කෝපි කුඩු තේ හැදි 2 ක්, පොල්තෙල් මේස හැදි 1 ක් සහ දුඹුරු සීනි තේ හැදි 1ක් යොදා ගනිමින් ඔයාට scrub එකක් ලේසියෙන් හදා ගන්න පුළුවන් . සියලුම අමුද්‍රව්‍ය එකට මිශ්‍ර කර, ස්ක්‍රබ් එක ඔබේ මුහුණේ හෝ සිරුරේ රවුම් ආකාරයෙන් මෘදු ලෙස සම්බාහනය කර උණුසුම් ජලයෙන් සෝදා හැරීමෙන් ඔබේ සමට ප්‍රබෝධමත්, සිනිඳු සහ දීප්තිමත් බවක් අත්විඳින්න පුළුවන් .
ඇස් යට කළු වීමට පිළියම් විදිහට
කෝපි වල ඇති caffeine රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා . ඒ හරහා ඇස් යට ඉදිමීම සහ dark circles වැනි තත්ත්ව අවම කරනවා.
සිහින්ව අඹරාගත් කෝපි තේ හැදි 1ක් සහ පොල්තෙල් බින්දු කිහිපයක් තමයි මේකට ඕනි වෙන්නේ. කෝපි සහ තෙල් මිශ්‍ර කර, ඇස් යට ආලේප කර මිනිත්තු 10 ක් තබන්න. පසුව මද උණුසුම් වතුරින් සෝදලා හරින්න .
හිසකෙස්වල දීප්තිය වැඩි කිරීමට
තද පැහැ කොණ්ඩ ඇති අයට එයාලගේ කොන්ඩේ shine එක වැඩි කර ගන්න මේ කෝපි භාවිතා කරන්න පුළුවන් . ඒ වගේම කේශ මුල උත්තේජනය කිරීම හරහා කෙස් වර්ධනය වැඩි කරන්නත් කෝපි වලට පුළුවන් .
ෂැම්පු කිරීමෙන් පසු, සිසිල් කළ කෝපි දියර හිසකෙස් මත වත් කර විනාඩි 10-15 ක් පමණ රැඳෙන්න ඉඩ දෙන්න. පසුව හොඳින් සෝදා හරින්න.
කෝපි face mask
කෝපි වල ප්‍රතිඔක්සිකාරක මුහුණේ දීප්තිය වැඩි කරන්න සහ සම පැහැපත් කරන්න සමත් වෙනවා .
කෝපි පිටි තේ හැදි 2 ක්, යෝගට් මේස හැදි 1 ක් සහ මී පැණි තේ හැදි 1 ක් අර ගෙන සිනිඳු පේස්ට් එකක් බවට මිශ්‍ර කර ගන්න, එය ඔබේ මුහුණේ ඒකාකාරව ආලේප කර මිනිත්තු 15 ක් තබන්න, පසුව මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න .
ඉතින් මේ විදිහට කෝපි භාවිතා කරලා ඔයාටත් පුළුවන් ගෙදරදීම අඩු වියදමකින් ලස්සන වෙන්න .
මේ දේවල් සති දෙකක් වගේ කරනකොට ඔයාට පැහැදිලි වෙනසක් බලා ගන්න පුළුවන් වෙයි.


