රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්ය මණ්ඩලයේ විශාල හිඟයක්

රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්ය මණ්ඩලයට 6,444ක අඩුවක් පවතින බව විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පෙන්වා දෙනවා.

මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ ආචාර්ය මණ්ඩලය 12,992ක් සිටිය යුතු වුවත් මේ වන විට සිටින්නේ 6,548ක් වූ ආචාර්ය මණ්ඩලයක් බවයි ඔවුන් පවසන්නේ.

මේ තත්ත්වය හේතුවෙන් ඇතැම් විශ්වවිද්‍යාල පාඨමාලා නතර කිරීමට තරම් සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පවතින ගැටලුවට විසඳුම් නොදී වැඩි ඉල්ලුමක් ඇති විෂයන්වලට සිසුන් බඳවා ගැනීම සීමා කිරීමට ඇතැම් බලධාරීන් යෝජනා කරමින් සිටින බවයි එම සංගමයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පැවසුවේ.