සතොසට නව සභාපතිවරයෙක්

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර තිබෙනවා.

ඔහු ඊයේ (4) පෙරවරුවේ සිය තනතුරේ වැඩ භාර ගෙන තිබෙනවා .

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් මෙම පත් කිරීම සිදුකර තිබේ.