ලෝක ගුරු දිනය අදට එනම් ඔක්තෝම්බර් 5 වන දාට යෙදිලා තියෙනවා .
ගුරුවරයෙක් කියන්නේ කෙනෙක්ගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් දෙවියෙක් වගේ කෙනෙක් .
1966 ඔක්තෝබර් 5 වන දින පැරිස්හිදී යුනෙස්කෝ ආයතනයේ ගුරුවරුන්ගේ තත්ත්වය සහ අයිතිවාසිකම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පැවැත්වූ සමුළුවේ දී තමයි මුල් වරට මෙහෙම දිනයක් නම් කරලා තියෙන්නේ .
ගුරුවරුන්ගේ භූමිකාවේ වැදගත්කම සහ ඔවුන්ට ලැබිය යුතු ගෞරවය පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් මේ දිනය නම් කරලා තියෙනවා .
ගුරුවරුන් යනු ළමුන්ගේ ජීවිතවලට බලපාන වැදගත්ම පුද්ගලයන්ගෙන් කෙනෙක්. ඔවුන් ළමුන්ට දැනුම ලබා දෙනවා පමණක් නොව, ඔවුන්ගේ චරිතය ගොඩනැගීමට, නිර්මාණශීලී බව වර්ධනය කර ගැනීමට සහ හොඳ පුරවැසියන් බවට පත් කිරීමට ද උපකාර කරනවා.

