සහනාධාර ගැන මැතිවරණ කොමිසමේ තීරණය

2024/ 2025 මහ කන්නයේ වගා කටයුතු සදහා පොහොර ලබාදීම, ධීවරයන් සදහා වූ සහනාධාර මෙන්ම සැප්තැම්බර් මාසයේ හිග මුදලද සමග ඔක්තෝම්බර් මාසයට ගෙවීමට නියමිත විශ්‍රාමික වැටුප් සදහා වැඩි කළ දීමනාව නැවත ක්‍රියාත්මක කිරීම පිළිබදව මැතිවරණ කොමිෂන් සභාවේ විරුද්ධත්වයක් නොමැති බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණ කාල සීමාවට පමණක් එම කටයුතු අත්හිටවූ බවයි නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.