ඊශ්‍රායල ප්‍රහාරවලින් හිස්බුල්ලා ප්‍රධානියා ජීවිතක්ෂයට

බීරූට් අගනුවර වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා ප්‍රධානී Hassan Nasrallah මිය ගොස් ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශය පවසයි.

ලෙබනනයේ බීරූට් අගනුවර ඉලක්ක කරගනිමින් ඊයේ (27) පස්වරුවේ සිට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ අතර, හිස්බුල්ලා නායකයා මිය ගොස් ඇත්තේ එම ගුවන් ප්‍රහාර අතරතුරය.

එම ප්‍රහාරවලින් තවත් 6 දෙනෙකු මිය ගොස් 91 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඒ අතරට තවත් හිස්බුල්ලා ප්‍රධානීන් ද අයත් ය.

මේ සම්බන්ධයෙන් ලෙබනනය තවමත් කිසිදු ප්‍රකාශයක් ඉදිරිපත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා .