සිය රටෙහි න්‍යෂ්ථික අවි භාවිතා කිරීමේදී අනුගමනය කරන නීති රිති වෙනස් කරන බවට රුසියානු ජනාධිපති වැලැදිමියර් පුටින් පවසනවා.
ඔහු කියා සිටියේ, න්‍යෂ්ථික අවි නොමැති යුක්රේනය ඇතුලු න්‍යෂ්ථික අවි භාවිතා කරන බටහිර රටවල් රුසියාවට එරෙහිව සිදු කරන ක්‍රියාකාරකම් තම රටට එරෙහිව සිදු කරන සාමූහික ප්‍රහාරයක් ලෙස සළකන බවයි.
කෙසේ වෙතත් රුසියාවට සිදු කළ හැක්කේ න්‍යෂ්ථික තර්ජන පමණක් බව යුක්රේන ජනාධිපති වැලැදිමියර් සෙලෙන්සිකිගේ කාර්ය මණ්ඩල ප්‍රධානී Andriy Yermak සඳහන් කළේ.
රුසියාවේ හමුදා ස්ථාන වෙත දිගු දුර බටහිර මිසයිල භාවිතා කිරීම සඳහා යුක්රේනය විසින් අනුමැතිය ලබා ගැනීමත් සමඟයි පුටින් මෙලෙස නීති වෙනස් කිරීමක් කෙරෙහි අවධානය යොමු කර ඇත්තේ .

