Mpox නව ප්‍රභේදය ආසාදනය වූ අයෙක් ඉන්දියාවෙන්

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ගොලීය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම්කළ Mpox හෙවත් වෛරසයේ නව ප්‍රභේදය වැළදුණු  ආසාදිතයෙක් පළමුවරට ඉන්දියාවේන් හඳුනාගෙන තිබෙනවා.

මේ වන විට අප්‍රිකාවේ ඉතා වේගයෙන් පැතිරෙන මෙම නව ප්‍රභේදය “clade 1b” ලෙස හැඳින්වෙයි.

මෙම ආසාදිතයා ඩුබායි සිට පැමිණි දකුණු කේරළ ප්‍රාන්තයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම වෛරසය ආසාදනයේ මූලික රෝග ලක්ෂණ ලෙස උණ ඇතිවීම වන අතර සමෙහි ඇතිවන ගැටිති වැනි තුවාල ඉතා වේදනාකාරී වේ.

සෑම ආසාදිතයින් 100කින් 4 දෙනෙක් පමණ මරණයට පත්වීමට ඉඩ ඇති බව සඳහන් වේ.

අප්‍රිකානු මහද්වීපයේ රටවල් කිහිපයක පැතිරයන ‘Mpox’ හෙවත් ‘මංකිපොක්ස්’ වසංගතය ලොව අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ද දැනුම්දී තිබුණි.