ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම් දීමත් සමඟ ඔහු දැරූ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම්දී තිබෙනවා.
ජාතික ජනබලවේගයේ විධායක සභික නලින්ද ජයතිස්ස සඳහන් කළේ එම පුරප්පාඩු වූ කොළඹ මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වන ලක්ෂ්මන් නිපුණආරච්චි පත්කරන බවයි.

