ශ්රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායකට, චීනයේ ජනාධිපති ෂී ජින්පිං ගෙන් සුබ පැතුම් එක් කර තිබෙනවා.
චීන ජනපතිවරයා සුබ පැතුම් එක් කරමින් පවසා සිටියේ ශ්රී ලංකාව සහ චීනය අතර පවතින මිත්රත්වය අඛණ්ඩව පවත්වා ගෙන යාමට කටයුතු කරන බවයි.
එමෙන්ම එම මිත්රත්වය වෙනුවෙන් ශ්රී ලංකාවේ සංවර්ධනයට චීනයේ සහාය ලබා දීමට කටයුතු කරන බව චීනයේ ජනාධිපති ෂී ජින්පිං විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කල ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

