මෙරට නවවන විධායක ජනාධිපති ධූරය අනුර කුමාර දිසානායකට

ඉදිරි වසර පහක ධුර කාලය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නව වැනි ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක ජනතා පරමාධිපත්‍යයෙන් තේරී පත් වුණා.

ඒ ඊයේ (21) පැවැති ජනාධිපතිවරණයෙන් සමස්ත ලංකාවෙන් ම ඡන්ද හා මනාප 5,740,179 ක් ලබා ගෙන ප්‍රතිවාදී අපේක්ෂක සජිත් ප්‍රේමදාස පරාජයට පත් කරමින්.

ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම ජනාධිපතිවරණය ඉතිහාසයට එක් වන්නේ මෙතෙක් මෙරට පැවැති ජනාධිපතිවරණවලින් දෙවැනි වර මනාප ගණනය කිරීමක් සිදු කිරීම හේතුවෙන්.

මෙම ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපලය අනුව ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව වූ 4,530,902 ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස දෙවැන්නා වුණා.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නව වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වන අතර දශක දෙකක කාලයක් මෙරට පාර්ලිමේන්තු දේශපාලනයේ අත්දැකීම් ඇති අයෙක්.

2001 වසරේ දී බිහි වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේ ඔහුයි.

1964 වසරේ නොවැම්බර් 24 වැනි දා උපන් අනුරාධපුරයේ තඹුත්තේගම ග්‍රාමයේ උපන් අයෙක් වන අතර කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්.

ඒ අනුව ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස, ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක තේරී පත් වූ බව මැතිවරණ කොමිසම නිල වශයෙන් නිවේදනය කර සිටිනවා.